හෝමාගම ප්රදේශයට අද උදෑසන 08.00 සිට රාත්රී 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.
වියළි කාලගුණයත් සමග ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබුණද එම කාලය පැය 18ක් දක්වාත් පසුව 12තෙක් අඩු කිරීමටද එම මණ්ඩලය තීරණය කර තිබේ.
කොළඹ දිස්ත්රික්කයේ ජල සැපයුමට තවදුරටත් බාධා එල්ල වුවහොත් බවුසර් මගින් ජලය සැපයීම සඳහාද විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරමින් පවතින බවද ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.
