අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (25) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා පැය 12ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
කොළඹ 1 සිට 15 දක්වා මෙන්ම, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතව බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේය.
