Spread the love

නිමල් රාජපක්ෂ .

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ නීති ආධාර කොමිෂන් සභාවේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (22) දින නීති ආධාර කොමිෂන් සභාවේදී පැවැත්විණ.


නීති ආධාර කොමිෂන් සභාවේ නිලධාරීන් හට රාජකාරී කටයුතු සිදු කිරීමේදී මුහුණ පා ඇති ගැටළු වන කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් පරිදි නොමැතිකම, රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් මෙන්ම විශේෂයෙන්ම නිලධාරීන් සහ සේවකයින් සඳහා ප්‍රමාණවත් පරිදි ඉඩකඩ නොමැතිවීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කල අතර මුහුණ පා ඇති දුෂ්කරතාවයන් මගහරවා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කලේය.


සාකච්ඡාව අවසානයේ නීති ආධාර කොමිෂන් සභා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ද අමාත්‍යවරයා එක්විය.

නීති ආධාර කොමිෂන් සභාවේ වැඩබලන සභාපති (කොමසාරිස්) නීතිඥ බිනර ගුණසේකර, එහි අධ්‍යක්ෂ ජනරාල් රුක්මන් ගමගේ මහතා ඇතුළු නීති ආධාර කොමිෂන් සභාවේ නියෝජ්‍ය ආධ්‍යක්ෂකවරුන්, එම කොමිෂන් සභාවේ නියෝජිතයින් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් විය

+