නිමල් රාජපක්ෂ –
ශ්‍රී ලංකා නාවික හමුදාව හලාවත කරුකපනේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය හතක (507) පමණ තොගයක් රැගත් ලොරි රථයක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට ලද තොරතුරකට අනුව හලාවත කරුකපනේ ප්‍රදේශයේ, සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැක කටයුතු ලොරි රථයක් (01) පරීක්‍ෂාවට ලක් කෙරිණි.
එහිදි, නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් කර තිබූ, උර දහහතරක (14) අසුරන ලද, බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය හතක (507) පමණ තොගය සහිත ලොරි රථය සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 45ත් සහ 66ත් වයසේ පසුවන ගලේවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, ලොරි රථය සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ආරච්චිකට්ටුව පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
