Spread the love

නිමල් රාජපක්ෂ-


රටක අනාගතය ගොඩනැගෙන්නේ නව අදහස් ඇති, ප්‍රශ්න කිරීමටත්, අත්හදා බැලීමටත්, අසාර්ථකත්වයෙන් ඉගෙන ගැනීමටත් හැකි දරුවන් බිහිකිරීම තුළින් බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළකලේ අද පෙරෙවරුවේ “ළමා දින ජාතික සතියේ” සිව්වන දිනය වන අද දිනය දරුවන්ගේ නිර්මාණශීලීත්වය, ස්වාධීන චින්තනය සහ විශ්ලේෂණාත්මක හැකියාවන් වර්ධනය කිරීම සඳහා වූ නවෝත්පාදන වැඩසටහන් වෙනුවෙන් එක්වු අවස්ථාවේදීය.


ඒ අනුව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව සහ ඇට්ලස් පුද්ගලික සමාගම, ජාතික නව්‍යකරණ නියෝජිතායතනය සමඟ එක්ව සංවිධානය කළ විශේෂ නවෝත්පාදන වැඩසටහනක් අද (28) පෙරවරුවේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමිය, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කුලියාපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආරාධිත පාසල්වල ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

නියෝජ්‍ය අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම ආරම්භ කළේ ලෝකයේ ජනප්‍රිය අයිස් රසකැවිල්ලක් වන Popsicle නිර්මාණය වූ ආකාරය පිළිබඳ කතාවක් ඉදිරිපත් කරමිනි. 1905දී වයස අවුරුදු 11ක් වූ Frank Epperson විසින් පානයක් සකස් කර එහි කලවම් කිරීමේ කූරද සමඟ එය පිටත තැබීමෙන් පසු, එය රාත්‍රියේදී කැටි වී කූර වටා අයිස් ගුලියක් බවට පත්වූ බවත්, එම අහඹු සිදුවීම පිළිබඳ ඔහු තුළ ඇති වූ කුතුහලය පසුව වාණිජ නිෂ්පාදනයක් දක්වා වර්ධනය වූ බවත් සඳහන් කළේය.
මෙම කතාවේ සැබෑ පාඩම Popsicle නිෂ්පාදනය නොව, දරුවෙකු තුළ ඇති කුතුහලය සහ වෙනස් ආකාරයකින් සිතීමේ හැකියාව බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

“අපි දරුවන්ට නිතරම කියන්නේ හරි පිළිතුර දෙන්න කියලා. නමුත් නවෝත්පාදනය ආරම්භ වන්නේ ‘තවත් වෙනත් පිළිතුරක් තියෙන්න පුළුවන්ද?’ කියන ප්‍රශ්නයෙන්.”යනුවෙන් ඔහු පැවසීය.

නිර්මාණශීලීත්වය යනු චිත්‍ර ඇඳීම, කවි, කෙටිකතා හෝ නවකතා නිර්මාණය කිරීම පමණක් නොවන බවත්, තමන් අවට ඇති ගැටලුවක් වෙනස් ආකාරයකින් දැක එයට විසඳුමක් සෙවීමද නිර්මාණශීලීත්වයේ කොටසක් බවත් ඔහු පෙන්වා දුන්නේය.


“