Spread the love

මාලන් විතාන

.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ බ්‍රසීල පෙඩරල් ජන රජයේ නව ශ්‍රී ලංකා තානාපති Jorge Geraldo Kadri මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.


දෙරට අතර පවතින මිත්‍රත්වය, ද්වි පාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම, ව්‍යාපාරික සහ අපනයන කටයුතු ශක්තිමත් කිරීම, යහපාලනය, ගැටළු සඳහා ද්වි පාර්ශවිකව විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් තානාපතිවරයා අදහස් පළ කළේය.


මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන තුළින් සාම්ප්‍රදායික නඩු ගොනු මත පදනම් වූ අධිකරණ ක්‍රියාවලිය වෙනුවට නවීන, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වූ අධිකරණ පද්ධතියක් බවට පරිවර්තනය කිරීමට ගෙන ඇති පියවර සහ නව නීති ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යතුමා විසින් තානාපතිවරයා දැනුවත් කරන ලදී.