දිවයින පුරා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට මරණ දෙකක් මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින්වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව පීඩාවට පත්ව සිටි.
පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති අතර සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක පුද්ගලයින් 104 දෙනෙකු රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
නිවාස 88ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.
