නිමල් රාජපක්ෂ
ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 41ක් දැනටමත් ස්ථාපිත කර අවසන්, මෙම වසර ඇතුළත මධ්‍යස්ථාන 300ක් පිහිටු වීමට සැලසුම්. 2027 වසරේ 450ක් සහ 2028 වසරේ 250ක් සමඟින් ආරම්භක අදියරේ දී මධ්‍යස්ථාන දහසක් සම්පුර්ණ කෙරේ.
ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කරමින් පුරවැසියන් සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග නිවාරණය, රෝග ප්‍රතිකාර, රෝග පුනරුත්ථාපනය සහ සහන වෛද්‍ය සේවාව ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ස්ථාපිත කරමින් දිවයින පුරා “ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන (Health & Wellness Centres) දහසක් පිහිටුවීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේවන විට පියවර ගෙන ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) ජාතික වැඩපිළිවෙළ යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, ප්‍රධාන මහජන සෞඛ්‍ය හෙද නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය මුලිකව නිශ්චිත එනම් ආසන්න වශයෙන් 10,000 ජනගහනයකට සේවා සැපයීම ඉලක්ක කරගත් මෙම වැඩපිළිවෙළ තුළින් අංග සම්පූර්ණ සේවා පැකේජයක් ලබා දෙන අතර, එම සේවාවන් ලබාදීමට එම නිලධාරීන් වගකීමෙන් බැඳී සිටියි.
වර්තමාන සෞඛ්‍ය සේවාවේ සුවිශේෂී පරිවර්තනයන් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවය තුළ පුද්ගල කේන්ද්‍ර ප්‍රවේශය ස්ථාපනය කිරීම, පෙර සූදානම් රටාවක් ලෙස සහ සියලු ආයතන ඒකාබද්ධ වූ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රජා මට්ටමින් ස්ථාපිත කිරීම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා අන්තර්ග්‍රහනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ පුරවැසියාගේ අයිතීන් සුරක්ෂිත කිරීම, පුරවැසියන්ට වග වන ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් පිහිටුවීම ආදිය මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතියේ මුලික බලාපොරෝත්තු අතර වේ.
මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දිස්ත්‍රික්ක 05 ක් අවරණය වන පරිදි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 05 ක් ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇත්ඔය, කළුතර දිස්ත්‍රික්කයේ තල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ලවත්ත, මාතලේ දිස්ත්‍රික්කයේ ගන්කන්ද යන ප්‍රදේශවල ස්ථාපිත කරනු ලැබීය.
එහි දෙවන අදියරයටතේ කොළඹ, ගම්පහ, කළුතර නුවර, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකළපුව, කල්මුණේ, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, පොලොන්නරුව, මාතලේ, අම්පාර, කෑගල්ල, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් මේ වනවිට ජනතා අයිතියට පත් කර සක්‍රීයව ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,500 ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙම වසර තුළ මෙම මධ්‍යස්ථාන සංඛ්‍යාව 300 දක්වා ඉහළ දැමීමට මේ වනවිටත් කටයුතු කරමින් පවතින අතර 2028 වසර අවසන්වන විට දිවයින පුරා මෙවැනි මධ්‍යස්ථාන 1,000ක් දක්වා එය වර්ධනය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ ඉලක්කය වේ.
