Spread the love

එඬරු ඇට ආහාරයට ගැනීමෙන් ඇති වූ අසාද්මිකතාවක් හේතුවෙන් පාසල් ළමුන් 8 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (28) දහවල් තච්චනාමරදමඩු ප්‍රදේශයේ දී මෙම ළමුන් එඬරු ඇට ආහාරයට ගෙන ඇති බවය.

මේ අතර අවුරුදු 9 ක් වයසැති පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් 7 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

මෙම පිරිස මඩු ප්‍රදේශයේ දරුවන් වන අතර මඩු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.