Spread the love

නිමල් රාජපක්ෂ-

ගෘහස්ථ පොල් වගාව ප්‍රචලිත කරමින් ජාතික පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන “කප්තුරු සවිය” ජාතික වැඩසටහන යටතේ බදුල්ල සහ හාලි ඇල ප්‍රදේශවල ජනතාව වෙත පොල් පැළ 3,000ක් නොමිලේ බෙදාදීම සිදු කෙරිණි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධ පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ජාතික වැඩසටහන යටතේ ගෙවතු පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, බදුල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පොල් පැළ 1,250ක් බෙදාදීම ඊයේ (07) දින වීල්ස්පාර්ක් ක්‍රීඩාංගණයේදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, හාලි ඇල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පොල් පැළ 1,750ක් බෙදාදීම අද (08) දින හාලි ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

ගෘහස්ථ මට්ටමින් පොල් වගාව ව්‍යාප්ත කිරීම, ජනතාව තම ගෙවතු තුළ පොල් වගාවට යොමු කිරීම සහ ඒ තුළින් ජාතික පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමට දායකත්වය ලබාගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.

එමෙන්ම, 2030 වසර වන විට මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 4,200ක් දක්වා ඉහළ නැංවීම සහ පොල් ආශ්‍රිත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වා වර්ධනය කිරීම රජයේ ප්‍රමුඛ ජාතික ඉලක්ක අතර වේ. එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ගෘහස්ථ පොල් වගාව ව්‍යාප්ත කිරීමත්, පොල් වගාව සඳහා ජනතාව වැඩි වශයෙන් දිරිගැන්වීමත් මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවන් සඳහා බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ මහතා, බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පාලිත ජයවර්ධන මහතා, හාලි ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත වරුෂමාන්න මහතා, පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය