කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියට 1252ක් හෙට බදවා ගැණේ
නිමල් රාජපක්ෂ
කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට 1252ක් බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්රදානෝත්සවය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්රානත්වයෙන් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් අනිද්දා (.07)දින පෙ.ව. 8.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
මෙම කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පුරප්පාඩු 1615 ක් පිරවීම සඳහා රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සමාලෝචනය කිරීමේ කමිටුව මගින් අනුමැතිය ලැබීමෙන් පසු 2025.05.30 දිනැති ගැසට් පත්‍රයෙන් අයදුම්පත් කැඳවන ලද අතර ඒ සඳහා 85,000 ට ආසන්න පිරිසක් අයදුම් කර තිබිණි. ඊට අදාළ විභාගය 2025 ඔක්තෝබර් මස 05 වන දින විභාග කොමසාරිස් විසින් පවත්වන ලද අතර එහි ප්‍රතිඵල 2026.04.10 දින නිකුත් කෙරිණි. ඉන් පසුව 2026 මැයි මස 22, 23, 24 යන තෙදින තුළ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේදී පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1252 ක් බඳවා ගැනීම සඳහා මෙලෙස 2026 ජූලි 07 වන දින පත්වීම් ලිපි ප්රදානය කරනු ලබයි.
මෙම අවස්ථාවටරාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝකබණ්ඩාර, ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් එන්.යූ. නිෂාන් මෙන්ඩිස් මහතා ඇතුළු විශේෂ ආරාධිතයින් පිරිසක් සහභාගී වීමට නියමිත ය.
