Spread the love

මුල්කිරිගල ගුණරත්න……

ඉතිහාසයේ දකුණු පලාතේ කාබනික පොහොර (Organic Tea කාබනික තේ) යොදා වගා කළ අමු තේ දළු කිලෝ එකක් සඳහා රුපියල් 401 මිලක් මාතර දිස්ත්‍රික්කයේ තේ කම්හලක පසුගිය මාසේ ගෙවීමට සමත්වී වු බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.

මෙම තේ විදේශ රටවල ජපානය, එංගලන්තය , රුසියාව වැනි රටවල් වල ඉහළ ඉල්ලුමක් ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.පසුගිය
මාසේ රසායනික පොහොර යොදා වගා කළ අමු තේ දළු කිලෝ එකක් සඳහා වැඩිම මිල ගෙවා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේම තේ කම්හලකුයි. එය වන්නේ තේ කිලොය්ව සදහා රුපියල් 220.62 කි.
දිවයිනේ දිස්ත්‍රික්ක 11 තේ කම්හල 517 ක්‍රියාත්මක වන අතර ලක්ෂ 15 අධික පිරිසක් තේ ආශ්‍රිත රුකියාවල යෙදී සිටන බවද ශ්‍රී ලංකා තේ මණ්ඩලය පැවසුවේය.