Spread the love

ග්‍රීන් ඉකෝ ප්ලාන්ටේෂන් ( Green Eco Plantation ) මව් සමාගම යටතේ ක්‍රියාත්මක ග්‍රීන් ඉකෝ ෆුඩ් ප්‍රඩක්ට්ස් ( පුද් ) සමාගමේ නවතම නිෂ්පාදනාගාරය පසුගියදා (28) කඩුවෙලදී ඉතා උත්කර්ෂවත් ලෙස විවෘත විය.

කුළුබඩු සහ පළතුරු ආශ්‍රිත නිෂ්පාදන, නවීන යන්ත්‍රෝපකරණ භාවිතයෙන් සෞඛ්‍යාරක්ෂිතව සහ ගුණාත්මකව ෆුඩ් ප්‍රොසෙසින් හැන්ඩ්ලින් ( Food Processing Handling ) ක්‍රියාවලිය යටතේ ඉතා සාධාරණ මිලකට වෙළෙඳ පොළට හඳුන්වාදීම සඳහා මෙම නවීන නිෂ්පාදනාගාරය මෙතැන් පටන් සිය කටයුතු ආරම්භ කරනු ඇත.

දිවයින පුරා විහිදුණු අක්කර සිය ගණනක් වූ සමාගමට අයත් වතුවල අස්වැන්න මෙන්ම ගොවීන්ගෙන් ඉතා සාධාරණ මිලකට ඔවුන් අසලටම ගොස් ලබා ගන්නා, උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් එහි නැවුම් බව සුරැකෙන අයුරින් පාරිභෝගිකයා අතට සිය නිෂ්පාදන පත්කිරීම මෙම නව කර්මාන්ත ශාලාවේ ආරම්භ කිරීමේ මූලික අරමුණ වූ බව ග්‍රීන් ඉකෝ ප්ලාන්ටේෂන් හි සභාපති සනත් චන්ද්‍රසිරි මහතා පැවසීය.