නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, වෙල්ලමුන්දලම මුහුදු ප්‍රදේශයේ පසුගියදා ( 14 ) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති දහතුන් ලක්‍ෂ හතලිස් නවදහස් හයසිය හතලිහක (1,349,640) තොගයක් රැගත් සහ ඩිංගි යාත්‍රා 03ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙහිදී අත්අඩංගුවට ගත් ඹෟෂධ පෙති වල වටිනාකම කෝටි ගනනක් වන බවද තොරතුරු අනාවරණය වි තිබේ.

මුහුදු මාර්ගය ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් උච්චමුනෛ නාවික අණුඛණ්ඩයේ විශේෂ යාත්‍රා බලගන කණ්ඩායමක් මඟින්, කල්පිටිය, වෙල්ලමුන්දලම මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් (03) නිරික්‍ෂණය කර, පරීක්‍ෂාවට ලක්කෙරිණි.
එහිදි එම ඩිංගි යාත්‍රා තුල උර දහ අටක (18) අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහකල ඖෂධ පෙති දහතුන් ලක්‍ෂ හතලිස් නවදහස් හයසිය හතලිහක (1,349,640) තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) සහ එම ඩිංගි යාත්‍රා තුන (03) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22 සහ 44 අතර වයසේ පසුවන කල්පිටිය මොහොත්තුවාරම්, කුරක්කන්හේන, වන්නිමුන්දලම සහ සින්නකුඩුරිප්පු ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්,ඖෂධ පෙති තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරබදු දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
