මුල්කිරිගල ගුණරත්න …..
වලස්මුල්ල රම්මල වරාපිටිය හල්දොළ කන්ද ප්‍රදේශයේ නිවසක පිටුපස වල දමා තිබු මළ සිරුරක කොටස් අද දින සොයාගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි.
නිවසෙන් අතුරුදහන් වු තිබ්බොටුවා දෙනියගේ ජයසිංහ (51) යන පස් දරු පියාගේ බවට සැකලකේ.
ඝාතනය කර නිවස පිටු පස මොහු වල දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
මිය ගිය සිය සැමියා අතර නිතර ආරවුල් ඇති වු බවට ප්‍රදේශ වාසීන්ගේ තොරතුරු අනාවරණය වු බව පොලීසිය පවසන අතර සැකකාර කාන්තව දේවාල වැඩ කරන අයෙක් බවට පැවසේ.
ඝාතනය ලක් වු අයගේ පවුලේ අය විසින් වලස්මුල්ල පොලීසියට පැමිණ කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඊයේ (16)සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර බවත් එහිදී වැදගත් සාක්ෂි රැසක් හමු වු බවත් වලස්මුල්ල පොලීය පැවසීය.
මෙම ඝාතනය පිළිබඳව වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුන් දීමෙන් පසු අද දින 17 වන දින මෘත දේහය ගොඩගත් අතර මෙය මීනී මැරුමක් ලෙස වලස්මුල්ල අධිකරණ විනිසුරුවරිය වන නවෝද්‍යා කොකුහැන්නදිගේ මහත්මිය විසින් ප්‍රකාශ කරන ලද අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළාය.
