නිමල් රාජපක්ෂ –
හක්මන දෙනගම ප්රදේශයේ නීති විරෝධී ලෙස ගබඩා කර තිබු රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා තෙන්ඩු කොල තොගයක් සමගින් එක් සැකකරුවකු මාතර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල තොගයේ තෙන්ඩු කොළ කිලෝ ග්රෑම් 130ක් හා බීඩි දුම් කොළ කිලෝ ග්රෑම් 507.300 තිබු බව දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්රසිරි මහතා පවසයි.
අදාල බලපත්ර ලාභියා බලපත්ර කොන්දේසි කඩකරමින් තෙන්ඩු කොල තබා ගැනීමේ වරදට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කර සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ.පේමරත්න මහතා වෙත අද (23) දවහල් ඉදිරිපත් කිිරීමෙන් පසු පෙරවැරදි සලකා බලා රුපියල් පන්ලක්ෂ පන්දාස් හැත්තෑතුනක සමථ ගාස්තුවක් ගෙවන ලෙස නියම කොට ඇත.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ.පේමරත්න මහතා ගේ උපදෙස් මත, දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්රකුමාර මහතාගේ අධික්ෂණය යටතේ ,මාතර සුරාබදු අධිකාරී කීර්ති ආරියපාල මහතාගේ මෙහෙයවීමේන් , මාතර සුරාබදු ස්ථානාධිපති ප්රධාන සුරාබදු පරීක්ෂක අසේල විජේසූරිය , මාතර සුරාබදු ස්ථානයේ සුරාබදු පරීක්ෂක මංජුල ලියනආරච්චි, ,සුරාබදු සැරයෙන් මේජර් ගුණසේකර,සැරයන් 801 නුවන්,කෝප්රල්වරුන්වන 1108 ,යූ.එච්.එල්.හර්ෂනාත්, 1201 ඩබ්.පී.එම්.වයි.මධුසංක,නියාමක රියදුරු නුවන් රංගන යන නිලධාරීන් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
