Spread the love

නිමල් රාජපක්ෂ-

දැනට විශේෂ ප්‍රතිකාර ලබමින් පසුවන ‘කාවන්තිස්ස’ ඇතාගේ ප්‍රතිකාර කටයුතු වඩාත් විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් පරිසර අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ දැනුම්දීම මත යුද්ධ හමුදා භටපිරිස් යෙදවීමට කටයුතු සූදානම්කර ඇත.

ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සෘජු උපදෙස් හා මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් මේ සඳහා යොදවා ඇත.

වනජීවී පශු වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් විසින් සිදුකරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර කටයුතුවලට අවශ්‍ය සහාය දැක්වීම, ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමුකිරීම මෙම හමුදා සාමාජිකයින් විසින් සිදුකිරීමට නියමිතය.