අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම විශේෂ දුම්රිය එළැඹෙන 19 සහ 20 යන දෙදින පුරා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව ගාල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණීම සඳහා මෙන්ම බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා පැමිණීමට විශේෂ දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
තවද බදුල්ලේ සිට කොළඹ බලා පැමිණීමට දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර එමගින් ජනතාවට නැවත කොළඹ කොටුව බලා පැමිණීමට හැකියාව ඇති බවද සඳහන් කළේය.