Spread the love

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පයාගල සහ මග්ගොන අතර පිහිටි පැලපොල්ගහවත්ත දුම්රිය හරස් මාර්ගයේදී, ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ‘ගාලු කුමාරි’ සීඝ්‍රගාමී දුම්රියේ අද (22) උදෑසන 7.30 පමණ ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇතැයි ‍පයාගල පොලිසිය පවසනවා.

තුවාල ලැබූ තවත් අයෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ.

බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ අංක 8057 දරණ ‘ගාලු කුමාරි’ සීඝ්‍රගාමී දුම්රිය, මග්ගොන පැලපොල්ගහවත්ත දුම්රිය හරස් මාර්ගය හරහා බෝට්ටු අංගනය දෙසට ධාවනය වූ රතු පැහැති මෝටර් රථයක ගැටීමෙන් කැබ් රථය අඩ් 200 ක් පමණ දුරක් ඇදීගොස් තනරවී තිබේ. .

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ රියැදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.

රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙක් මියගොස් ඇති බවත්, තවත් අයෙක් තුවාල ලබා ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.

මෙම අනතුර හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු පයාගල ප්‍රදේශයෙන් පැය කිහිපයකට අවහිර වී තිබු අතර, පසුව දුම්රිය බලධාරීන් සහ පොලිසිය එක්ව මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබුණ.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි..