Spread the love

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදීබස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීඊයේ (21) සිදුවූ රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දංඕවිට පොලිසිය පවසයි.

අනතුරින් යතුරුපැදියේ පසුපැදිකාරිය වූ තරුණියක ද බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදිය සහ බස් රථය වේවැල්දෙනිය ප්‍රදේශය පසුකරමින් තිබූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වහාම වරකාපොල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

මෙහිදී තුවාල ලැබූ පසුපැදිකාරිය මුලින් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඇයගේ තත්ත්වය අසාධ්‍ය බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇතැයි වාර්තාවෙයි.

අනතුරට සම්බන්ධ බස් රථය සහ එහි රියදුරු දංඕවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.