Spread the love

සමගි ජන බලවේග බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා එම පක්‍ෂයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ බව මන්ත‍්‍රීවරයා විසින් පක්‍ෂය වෙත දැනුම් දී ඇත.

කෙසේ වෙතත් තව දුරටත් ඔහු සමගි ජන බලවේගය සමග කටයුතු කරයි.

මෙම තීරණයට හේතු වී ඇත්තේ පළාත් පාලන ආයතනවලට ලයිස්තුවලින් මන්ත්‍රීවරු පත් කරද්දී මතුවූ මතබේදයකි.