ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුනි 10 වන දින සිට ජර්මනියේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද මේ බව නිවේදනය කළේය.
ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අනුර දිසානායක මහතා සිදු කරන පස්වන නිල සංචාරය මෙයයි.
ඉන්දියාව, චීනය, කටාර්, වියට්නාමය යන රටවල ඒ මහතා මීට පෙර සංචාරය කලේය.
