නිමල් රාජපක්ෂ
ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම විසින් හලාවත මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති විශේෂ ක්ෂේත්‍ර රෝහල මගින් සිදුකරනු ලබන සුව සත්කාර සේවාවන් පිළිබදව සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ පස්වරුවේ (05) එහි විශේෂ නිරීක්ෂණයක නිරත වූ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද එම අවස්ථාව සමග එක්වූහ.
මෙරට ඇතිවුන හදිසි ආපදා තත්ත්වය හමුවේ ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීමේ අරමුණින් පසුගියදා මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත හලාවත සහ ඒඅවට ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවට ප්‍රතිකාර සේවාවන් ලබා දීම ප්රමුඛ අරමුණ කරගනිමින් විශේෂ ක්ෂේත්‍ර රෝහලක් හලාවත මූලස්ථාන පොලීස් ක්‍රීඩාංගනයේ ස්ථාපිත කෙරිණි.
පසුගිය 04 වනදා සිට ප්‍රතිකාර සේවාවන් ආරම්භ කරන ලද එම විශේෂ ක්ෂේත්‍ර රෝහල මගින් දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා අඛණ්ඩව ප්‍රතිකාර සේවාවන් සිදුකරනු ලබයි.
