ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අද (19) පැවැත්වීමට නියමිතයි
එම කාලසීමාව තුළ උත්සව භූමිය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කරන්නේ.
ඒ අනුව, අද පස්වරු 3.30 සිට කොළඹින් පිටවන වාහන පොල්දූව හන්දියෙන් ද, කොළඹට ඇතුළු වන වාහන කියෑම්හැම් හන්දියෙන් ද ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
එමෙන්ම රථවාහන විකල්ප මාර්ග වෙත යොමු කිරීම අවස්ථානුකූලව සිදු කරන බව ද පොලිසිය පවසයි.
පොලිසිය විසින් නිකුත් කරන ලද විකල්ප මාර්ග ඇතුළත් නිල නිවේදනය පහතින් දැක්වේ

