Spread the love


නිමල් රාජපක්ෂ-

..

මගි ජිවිත රැසක් බේරා දුන්ගම්වැසියකු වු අනුර සමන්ත ප්‍රනාන්දු මහතා අද විශේෂ ඇගයීමකට ලක් කොට මුදල් ත්‍යාගයක්ද සාගරිකා දුම්රිය රියදුරු මහතාට දුම්රියේ සේවය කරන අයකුට කලාතුරකින් ලබා දෙන ඉතා දුර්ලභ ගනයේ ඇගයීම් සහතිකයක්ද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ලබා දීමට පියවර ගත්හ

.

ජූනි මස 5 දින පානදුර – මොරටුව අතර පීල්ලක් කැඩී තිබෙන අයුරු දැක, සාගරිකා දුම්රිය එම ස්ථානයට පැමිණීමට පෙර වැළැක්වීමට ක්‍රියා කළ ගම්වැසි 54 වියැති අනුර සමන්ත ප්‍රනාන්දු මහතා හා දුම්රිය ගැටීමකින් තොරව වළක්වාගත් ඊට පසුපස පැමිණි දුම්රියේ තරුණ රියදුරු විදුර විදර්ශන(35) මහතා දෙදෙනාගේ ක්‍රියාකලාපය නිසා සිදු විමට ගිය විශාල විනාසයක් වලකා ගැනීමට හැකිවිය.
ඒ වෙනුවෙන් ඹවුන් ඇගයීමට ලක්කලේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා, අමාත්‍යංශ ලේකම් මහාචාර කපිල පෙරේරා මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරි සහ නිලධාරීන් ගේ හභාගීත්වයෙන් අමාත්‍යංශයේදීය.