නිමල් රාජපක්ෂ
මගීන් ට හොද කාර්යක්‍ෂම දුම්රිය සේවයක් ලබා දීම සදහා පුරප්පාඩු පුරවා සංඥා පද්ධති නඩත්තු කොට මාර්ග නිසියාකාර සකස් කොට නව තාක්ෂණය ඹස්සේ වෘත්තීය සමිති ඇතුලු කාර්ය මණ්ඩල වල සහයෝගය අත්‍යාවශ්‍ය බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසී ය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ පසුගිය දා වෙරළබඩ දුම්රිය මාර්ගයේ දී ‘සාගරිකා’ දුම්රිය අනතුරට පත්වීම වළක්වා ජීවිත හා දේපළ ආරක්‍ෂා කිරීම සඳහා කැපවූ සමත්න ප්‍රනාන්දු මහතා සහ දුම්රිය රියැදුරු විදර්ශන මහතා ඇගයීම වෙනුවෙන් අද (.09) වන දින වරාය අමාත්‍යාංශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.
තව දුරටත් අදහසදැක් වූ අමාතයවරයා, දැන් තියන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් මිස රාජපක්‍ෂලාගේ, වික්‍රමසිංහලාගේ ආණ්ඩුවක් නෙමෙයි. අපි මිනිස්සු වෙනුවෙන් ම වැඩකරන අදූෂිත ආණ්ඩුවක්. ඒනිසා හදිසි ක්‍රියාමාර්ග මගින් ජනතාව අපහසුතාවයට පත්කරන්න එපා කියලා අපි වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටිනවා. දීර්ඝ කාලයක් පැවති ප්‍රශ්න අපි විසඳලා තියෙනවා. ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව විතරක් නෙමෙයි, සමාජ සහයෝගයත් අවශ්‍යයි, යනුවෙන් ද පවසා සිටියේ ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයාා ,වෙරළබඩ දුම්රිය මාර්ගයේ ස්වභාවික හේතුවක් නිසා දුම්රිය පීල්ලක් කැඩී, දුම්රිය සංඥා පද්ධතියේ යම් දෝෂයක් ඇති වී තිබුණා. මෙම අවදානම් ස්ථානය හරහා දුම්රියක් එන බව දැනගත් දුම්රිය මාර්ගය අසළම පදිංචි සමන්ත මහතා තම ජීවිත අනතුර පවා නොසළකමින් දුම්රිය ඉදිරියට ධාවනය වීම වැළැක්වීමට කටයුතු කර තිබෙනවා.
ඒ වගේම තමයි සංඥා පද්ධතියෙන් ලැබී තිබුණු තොරතුරු අනුවම කටයුතු නොකර ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළ අනෙක් පසින් ධාවනය වූ දුම්රියේ රියැදුරු විදුර විදර්ශන මහතාගේ ක්‍රියා කලාපය නිසාත් සිදුවිය හැකිව තිබූ විශාල අනතුරක් වළක්වා ගන්න පුලුවන් වුණා. ඔවුන් සතුව තිබූ අනෙකා වෙනුවෙන් වැඩ කිරීමේ ගුණාංගය අපි අගය කළ යුතුයි. දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙනවා කියන්නෙ විශාල හානියක් සිදුවෙන තත්ත්වයක්. විශේෂයෙන් ම එවැනි දෙයක් සිදුවුණා නම් දුම්රිය මගීන්ටත්, දුම්රිය වෙනුවෙන් ම ලංකාවට එන සංචාරකයින්ටත් ඉතාම නරක බලපෑමක් වෙන්න ඉඩ තිබුණා. ලංකාවෙ කෝච්චි අනාරක්‍ෂිතයි කියලා පණිවිඩයක් යන්නත් ඉඩ තිබුණා. ඒ නිසා ලංකාවෙ ප්‍රතිරූපය ආරක්‍ෂා කරන්නත් මේ දෙදෙනාගේ ක්‍රියාකාරීත්වය ඉවහල් වුණා. එයින් පෙනී යන්නේ තාක්‍ෂණය කොච්චර දියුණු වුණත් මනුෂ්‍යයින් හැටියට අපිට තියෙනවා දෙයක් කරන්න කියන එක.
දුම්රිය ගොඩනැංවීමේ වැඩපිළිවෙල අපිට කරන්න සිදුවෙලා තියෙනවා. ඊට වසර කිහිපයක් ගතවෙනවා. ඒ සඳහා රජය උපරිම ලෙස දායක වෙනවා. දුම්රිය අනතුරු වළක්වා ගැනීම්, අවළංගුවීම් සහ ප්‍රමාදයන් අවම කරමින්, මගීන්ගේ පහසුකම් වැඩි කිරීමට කටයුතු කළ යුතුව තිබෙනවා. දුම්රිය කළමනාකාරීත්වයේ මන්දගාමී ස්වභාවයට සහ පවතින රියදුරු හිඟයට පිළියම් යොදා ජනතාවට සුවපහසු සේවාවක් ලබාදෙන්න වැඩපිළිවලක් අපි සකස් කරලා තියෙනවා, යනුවෙන් පැවසී ය.
