ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක කොස්ගොඩ සිට පැමිණි දර පටවා ගත් ලොරි රථයක් මහ ඉඳුරුව දුම්රිය ස්ථානය අසළ දුම්රිය හරස් මාර්ගයේදී අද (19) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ..
අනතුරින් ලොරි රථයේ පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 55ක් වූ ඉඳුරුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය ද බරපතළ බව වාර්තා වෙයි.
