Spread the love

තම පාලනයක් තුළ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කර​ පාර්ලිමේන්තුව කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වැළඳගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

මීට පෙර බොහෝ දෙනෙක් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට කයිවාරු ගැසුවද ඔවුන් කිසිවෙක් එය වෙනස් නොකළ බවයි ඔහු පෙන්වා දුන්නේ. 

තමාට තනතුරු අසාවක් නොමැති බවද, එහෙයින් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට අවංකව පොරොන්දු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.