පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 73කින් මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 18 ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.
මෙම ජලාශවලින් ජලය මුදාහැරීම මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් මෙතෙක් පෙන්නුම් නොකරන බවයි.
පවතින තත්ත්වය පිළිබඳ ඉදිරියේදී දැනුවත් කරන බැවින්, ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර, ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය අඩුවීම හේතුවෙන්, ජල මට්ටම ඉහළ ගොස් තිබූ ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම්වල අඩුවීමක් දක්නට ලැබෙන බව ද ඔහු සඳහන් කළේය
ඒ අනුව, නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය යන ගංගා ද්‍රෝණිවල ජල මට්ටම් මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් පවතින බවයි සඳහන් වන්නේ.
