නිමල් රාජපක්ෂ
සුහද සංචාරයක් සහ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ ( 01 ) දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS Taimur’, ‘PNS Aslat’ නෞකාවන් දෙක (02) සහ ‘PNS/M Hangor’ සබ්මැරීනය (01) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි ‘PNS Taimur’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් Niamat Saeed Khan ද, ‘PNS Aslat’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් Nadir Mateen Afridi ද, ‘PNS/M Hangor’ සබ්මැරීනයේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Uzair Farooq ද කටයුතු කරනු ලබයි.
තවද, එම නෞකාවන්ගේ සහ සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.
