මහනුවර, හන්තාන කඳු ප්‍රදේශය තරණය කිරීමට 2025 ජූනි මස 28 දින ගිය වයස අවුරුදු 12 ත් 24 ත් අතර පසුවන ළමුන් 08 දෙනෙකු ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අතරමං වී සිටින බවට ලද තොරතුරකට අනුව, 2 වන ස්වේච්ඡා ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවට අයත් යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් මුදවාගැනීමේ මෙහෙයුමක් දියත් කළහ.
විඩියෝව නරඹන්න
එහිදී පැය 08 කට අධික කාලයක මෙහෙයුමකින් පසු එම ළමුන් සාර්ථකව මුදවා ගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින්ට හැකි විය.
මුදාගත් ළමුන් පිරිස තලාතුඔය පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව පේරාදෙණිය මහ රෝහල වෙත යොමු කර ඇත.
