Spread the love

නිමල් රාජපක්ෂ

කැළණිය වනවාසල අතර සිදුවු දුම්රිය අනතුරට හේතුවී ඇත්තේ කඩා කප්කාරි ක්‍රියාවක් බවට සැකකරමින් දුම්රිය දෙපාර්තුමේන්තුව පරික්ෂණ පවත්වයි
මන්ද වනවාසල දුම්රිය ස්ථානය අසළින් වම් පැන්තට දමා ඇති දුම්රිය මාර්ගයේ පීලි මාරුවන තැන රේල්පිලි කපා ඉවත් කිර තිබෙන බැවින් මෙම දුම්රිිය පිලි පැනීම සිදු වි ඇති බවට සැකකරන බවද දුම්රිය දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියකු පැවසුවේය.
දුම්රිය අනතුර සිදු වන විට දුම්රිය මාර්ගය ආසන්නයේ කොන්ක්‍රීට් පාරේ නවතා තිබු මෝටර් රථකයට දුම්රය පිළිපැනීමෙන් හාන සිදු විි ඇත.

දුම්රිය අනතුරින් තුවාල ලැබුවන් 6 දෙනෙකු ප්‍රතාකාර සදහා ජාතික රෝහලට ඇතුලු කර ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
ඊට අමතරව සුලු තුවාල ලැබුවන් කිහිප දෙනෙකුම සිටි බවත් ඹවුන් රෝහල් ගත කිරිමට තරම් තුවාල සිදුවි තැනැයිද දුම්රිය ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය පිළිබදව දුම්රිය දෙපාර්මේන්තුව විශේෂ පරික්ෂණයක්ද ආරම්භ කර තිබේ.