Spread the love

නිමල් රාජපක්ෂ-

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම් මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා කොළඹ කොටුව සිට දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තුමෙන්තුව පවසයි.


ඇතිවු හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිටි හලාවත දුම්රිය ස්ථානය දක්වාත්අද (13) දිනයේ දුම්රිය ධාවනය වන කාර්යාල දුම්රියයන් සහ හෙට (14) දිනයේ උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රියයන් හලාවත දුම්රිය ස්ථානයේ සිට කොලඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිත බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනා ගමන අසංක සමරසිංහ මහතා පවසයි.