නිමල් රාජපක්ෂ –
පොසොන් සතියේ අනුරාධපුරය නගරය හා අවට ප්රදේශවල සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි නීති විරොධී මත්පැන් ජාවාරම් කරුවන් 46 දෙනෙකු වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා මත්පැන් තොගයක් අනුරාධපුර සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
පොසොන් සතියට සමගාමීව අනුරාධපුර නගරය ආසන්න යේ පුරා සතියක් සුරාසැල් වසා තිබියදි දියත් කල මෙම සෝදිසි මෙහෙයුම් වලදි නිති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාර 23 ක් ,දගර හා බැරල් සමගින් ද, කසිප්පු ළඟ තබාගෙන සිටි සැකකරුවන් 19 ක් , බලපත්ර නොමැතිව බියර් හා අරක්කු අලෙවි කල සැකකරුවන් 3ක් ,බදු නොගෙවු සිගරැට් ළඟ තබාගෙන සිටි එක් සැකකරුවකුද අත්අඩංගුවට ගත් බව අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති අජිත් වර්ණකුල සුරිය මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සුරාබදු ඇප මත මුදාහල ඇති අතර ඉදිරියේදි අනුරාධපුරය ,කැකිරාව, තබුත්තේගම හා කොච්චියාගම යන මහේස්ත්රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
උතුරු මැද පලාතභාර සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවි පතිරණ මහතාගේ උපදෙස් මත. අනුරාධපුර සුරාබදු අධිකාරී චින්තක උඩපමුණුව මහතාගේ මෙහෙයවීමෙන් , අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති අජිත් වර්ණකුල සුරිය මහතාගේ අධික්ෂණය යටතේ , සුරාබදු පරික්ෂක අතුල ධර්මසේන, සැරයන් මේජර් රංජිත් ජයසුරිය, කෝප්රල්වරුන්වන 818 ප්රියන්ත, 1182 දිනේෂ්, නියාමකවරුන්වන 1112 පාලිත,1219 චරිත්,1278 ඉෂාන්,රියදුරු ප්රභාත් යන නිලධාරිහු මෙම වැටලීම් සිදු කළහ.
