නිමල් රාජපක්ෂ –
දුරුතු පොහොයදින සියලුම සුරාසැල් වසා තැබීමට නියෝග කර තිබියදි මත්පැන් අලෙවි කල හසලක ප්‍රදේශයේ හෝටල් දෙකකට හා මයියංගනය ප්‍රදේශයේ මෘදු මත්පැන් අලෙවි හලකට ඒ මොහොතේම මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් සීල් තබා ඇත.
වෙස් වලාගත් සුරාබදු නිලධාරින්ට වැඩි මිලට අදාල ස්ථානවලින් මත්පැන් අලෙවි කිරිමෙන් පසු අදාල සිද්ධිය සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ට දැන්වු විට වහාම එම ස්ථාන සීල් තැබීමට නියෝග කොට තිබේ.
අදාල බලපත්‍ර ලාභීන් බලපත්‍ර කොන්දේසි කඩකිරීමේ වරදට ඉදිරියේදී සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිරිපත් කොට පෙරවැරදි සලකා බලා බලපත්‍ර අත්හිටුවීමට හෝ සමථ ගාස්තු නියම කිරීමට නියමිතය.
මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලිම සිදු කළහ.