නිමල් රාජපක්ෂ
“දිට්වා”ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් දිවයිනේ මහාමාර්ග, දුම්රිය මාර්ග හා පාලම් ප්‍රතිසංස්කරණය සඳහා මෙන්ම හදිසි ආපදා ප්‍රතිසංස්කරණ, ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කරන ලද ‘ආපදා ප්‍රතිසංස්කරණ හා ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති මෙහෙයුම් කාර්යාලයේ’ සේවාවන් නිල වශයෙන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් අද දින (2026.11.19)විවෘත කෙරිණ.
දිට්වා පශ්චාත් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කඩිනමින් හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම මෙන්ම අනෙකුත් ග්‍රාමීය සහ ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ආරම්භ කරන ලද විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි ‘මගනැගුම මහමැදුර’ කාර්යාල පරිශ්‍රයේ 09 වන මහලේ ස්ථාපිත කර ඇත.
දිට්වා ව්‍යසනයෙන් හානියට පත් මහාමාර්ග, ග්‍රාමීය මාර්ග, දුම්රිය මාර්ග හා පාලම් නිත්‍ය ඉදිකිරීම් සිදුකිරීම, ආයතනික ඒකාබද්ධ සැලැස්මකට අනුගතව මෙම විශේෂ ව්‍යාපෘති ඒකකය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම ආපදා ප්‍රතිසංස්කරණ හා ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඒකක (PIU) හතරක් යටතට පත්කර ඇත…!
- උතුර, උතුරුමැද සහ වයඹ පලාත් (PIU) ,2. බස්නාහිර, සබරගමුව සහ දකුණු පලාත් (PIU) ,3. ඌව සහ නැගෙනහිර පලාත් (PIU),4. මධ්‍යම පලාත (PIU),
ආරම්භ කරන ලද විශේෂ ව්‍යාපෘති කලමනාකරණ ඒකකය (PMU) හා සම්බන්ධව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකක (PIU) හතරෙහි සේවාවන් සිදුකෙරේ.
මෙම නව මෙහෙයුම් හා පරිපාලන ව්‍යූහය මගින් සියලුම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර, එළැඹෙන 2027 වසර තුල දිට්වා හානිවූ ව්‍යාපෘති 285 ක් සහ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 756 ක් සිදු කිරීමට සැලසුම් කර ඇත. දිට්වා හානි පශ්චාත් ප්‍රතිසංස්කරණ සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 168 ක මූල්‍ය ප්‍රතිපාදන වැය කෙරේ…!
මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාරනායක, එහි අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු එච්.එච්. අනුරාධ හෙට්ටිආරච්චි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ තාක්ෂණික ඉංජිනේරු අංශයේ අධ්යක්ෂ සංචිත ජයකොඩි මහත්වරු ඇතුළුව ආයතන රැසක නිලධාරීහු සහ සේවක කණ්ඩායම් එක්ව සිටියහ…!
