නිමල් රාජපක්ෂ
කල්පිටිය, බත්තලන්ගුංඩුව දූපතේ හදිසි රෝගාබාධයක් හේතුවෙන් අසාධ්‍ය වූ කාන්තාවක් වෙත මූලික ප්‍රථමාධාර ලබා දී කල්පිටිය මූලික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව 2026 ඔක්තෝබර් මස 01 වැනි දින රාත්‍රී කාලයේදී කටයුතු කෙරිණි.
ඒ අනුව, බත්තලන්ගුංඩුව දූපතේ ධීවර කටයුතු සඳහා තාවකාලිකව රැඳී සිටින කාන්තාවක් හදිසි රෝගාබාධයක් හේතුවෙන් අසාධ්‍යව ඇති බවට සිදුකල දැනුම් දීමකට අනුව, එම කාන්තාව ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ P 265 වෙරළබඩ මුර යාත්‍රාව මඟින් විජය ආයතනයේ ජැටිය වෙත රැගෙනවිත්, කඩිනමින් කල්පිටිය මූලික රෝහල වෙත ප්‍රථිකාර සඳහා මෙලෙස යොමු කෙරිණි.
