Spread the love

නිමල් රාජපක්ෂ රාජපක්ෂ

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (02) කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා ආරම්භ විය

දිට්වා සුළි කුණාටුවෙන් පසුව උඩරට මාර්ගයේ රඹුක්කන සිට දුම්රිය ධාවන කටයුතු මහනුවර සහ බදුල්ල දක්වා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

ඒ අනුව, ඊයේ දිනය දක්වා රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වූ දුම්රිය අද දිනයේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

අද උදෑසන 5.55ට කොළඹ කොටුව සිට පොඩි මැණිකේ දුම්රිය ගමන් ආරම්භ කළ අතර, අද දිනයේ එම දුම්රියේ මගීන්ට ගමන් කිරීමට අවස්ථාව නොලැබුණු අතර, පරීක්ෂණ දුම්රියක් ලෙස එය ක්‍රියාත්මක විය.

රඹුක්කන දුම්රිය ස්ථානයේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තු සහ ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන්ද එම දුම්රියේ ගමන් කළේය.

එමෙන්ම දුම්රිය මාර්ග පිළිසකර කිරීම සඳහා එක්වූ ඉංජිනේරුවන් සහ සේවකයින් මෙම පරීක්ෂණ දුම්රියේ ගමන් කිරීම විශේෂත්වයකි.

ඒ අනුව, දුම්රිය පේරාදෙණිය දුම්රිය ස්ථානයට පැමිණීමෙන් අනතුරුව විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබිණි.

එතැන් සිට පොඩි මැණිකේ දුම්රිය ගම්පොළ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වීමට නියමිතයි.