Spread the love

දේවින්ද පිණිදිය

ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ සාමාජිකයන් හා කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා අතර හමුවක් ඊයේ (14) මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුනා. බැංකු සේවකයන් මුහුණ දී සිටින ගැටලු සම්බධයෙන් බැංකු හා මූල්‍ය සංසදයේ නිළධාරීන් විසින් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ අතර ඒ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන් විසඳුම් අමාත්‍යවරයා විසින් යෝජන කළා.

විශේෂයෙන් එහිදී රාජ්‍ය බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටළු සහ වෛද්‍යාධාර ඇතුළු නොවිසදුණු ගැටළු ගනනාවක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා ද යෝජනා විය.

මෙම අවස්තාවට බැංකු හා මූල්‍ය සංසන්සදයේ ජාතික කැඳවුම්කරු සමීර අල්විස් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස කිතුලේගොඩ මහතා සහ ජතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ නිලධාරීන් හා සමාජිකයන් පිරිසක් එක්ව සිටියහ.