Spread the love

මෙරට කාන්තාවන්ගෙන් 50% පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පැවසීය.

ළමුන් අතර ද ස්ථුලතාවය මේවන විට සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි.

සමාජය මේ වනවිට ස්ථුලතාවය පිළිබඳ දක්වන උනන්දුව ඉතා අඩුය. මන්දපෝෂණය ගැන වැඩි අවධානයක් යොමුකර තිබේ.

මේ වන විට මෙරට මන්දපෝෂණ තත්ත්වය අඩු වුවද අධි පෝෂණය ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් පැවසීය.