Spread the love

ඉන්දීය ධීවරයින් ශ්‍රීලංකා උතුරු මුහුදු තීරයේදී නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධය පාමින් තමිල්නාඩු රාමේෂ්වරන් ධීවරයින් ධීවර කටයුතු වලින් ඉවත්ව විරෝධතාවක නිරත විය.

මේ අතර ශ්‍රීලංක ධීවර සංගමයේ උතුරු පලාත් නියෝජිතයින් පිරිසක්ද ඊයේ දින යාපනය මාධ්‍ය සමාජයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කිය සිටියේ උතුරේ ධීවරයින්ට කිසිවිටෙකත් ඉන්දීය ධීවරයින් සමග ගැටුමක් ඇතිකර ගැනීමට අනවශ්‍ය බවටත් ධීවර ගැටලුවට කඩිනම් විධිමත් විසඳුමක් අවශ්‍ය බවටය.

විරෝධතාවයේ නිරත වූ ඉන්දීය ධීවරයින් පවසා සිටියේ ,

‘මසුන් ඇල්ලීමට යාමේදී ජත්‍යන්තර මුහුදු සීමාවට නොයන ලෙසටත් මසුන් ඇල්ලීමට යන අවස්ථාවන්හීදි ජීවිත ආරක්ෂක කට්ටලද සමගින් මුහුදු යන ලෙසටද ඊයේ දින ඉන්දීය ධීවරයින්ට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ධීවර පරික්ෂක නිලධාරීන් දැනුම් දෙනු ලැබීය.

ඒමෙන්ම විරෝධතාවයේ නිරත වූ ඉන්දීය ධීවරයින් කියා සිටියේ ගෙවී ගිය සතියක කාලය තුලදී ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු සහ 10 දෙනෙකු වශයෙන් අවස්ථා දෙකකදී ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බැවින් වහාම අදාල පිරිස් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසටය.

මේ අතර ඊයේ දින මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වූ උතුරේ ධීවරයින් පවසා සිටියේ,

‘2016 වසරේදී ඉන්දු ශ්‍රීලංකා ධීවර ගැටලුව වෙනුවෙන් ගෙන අා යෝජනාව ක්‍රියාත්මක නොකිරීම මේ වන විට ගැටලුකරී වාතාවරනයක් නිර්මාණය වී ඇති බවටත් එය ක්‍රියාත්මක වූවේ නම් පසුගියදා අවාසනාවන්ත ලෙසින් මිය ගිය නාවික හමුදා සෙබලාද ජීවතුන් අතර සිටින බවටද කියා සිටියේය.

උතුරු නැගෙනහිර ධීවර ගැටලුව විසඳීම වෙනුවෙන් පැවති රජයන් හා පවතින රජයන් මැදිහත් නොවීම මගින් ඉදිරියේදී ධීවර කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පාන බවටද උතුරේ ධීවර සංගම් නියේජිතයින් වැඩිදුරටත් පැවසීය.