Spread the love

නිමල් රාජපක්ෂ-

කිසිදු පුද්ගලයෙකු විශේෂ නොවන බැවින් හිටපු සියළුම රාජ්‍ය නායකයින් සඳහා හෙට (19) ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන යුධ ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් විවෘත ආරාධනාවක් කර ඇති බවත් ඒ සඳහා සහාභාගිවීම හෝ නොවීම එම පුද්ගලයන්ගේ ස්වකැමැත්තබව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල සඳහන් කරයි

ඇමතිවරයා මේ බව පැවසුවේ අද (18) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මනෝවිද්‍යා උපදේශන සේවාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අදාල පාර්ශවයන්ගේ අදහස් ලබාගැනීමේ වැඩසහනෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමිණි.

එමෙන්ම මැදපෙරදිග පවතින යුධමය තත්වය නිසා ආර්ථිකයට ඇතිවියහැකි බලපෑම අවම කිරීම සඳහා කටයුතු කරන බවත් ශ්‍රම බලකාය සමඟ සංසන්ධනය කිරීමේදී රැකියා වියුක්තිය 3.5% පමණ වන බැවින් රැකියා වියුක්තිය සමබන්ධ දැඩි බලපෑමක් එල්ලවිය නොහැකි බවද ඒ මහතා සඳහන් කළා.

ගෝලීයකරණය සමඟ ලෝකයේ ඇතිවන ඕනැම අර්බුදයක බල්පෑම් අප රටටද දැනිය හැකි බවත් 2025 වර්ෂයේ රජයක් ලෙස ලබාගත් ආර්ථික ජයග්‍රහන සමඟ අප රටට එල්ලවියහැකි ආර්ථික බලපැම අවම කරගත හැකි බවද අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළා.

තවද මහජන මුදල් අවභාවිත කරමින් වංචනිකව උපයාගත් ධනය නැවත මහජනතාවට ලබා දීම සඳහා රජය කටයුතු කරන බවත් ,මල්වානේ නිවස පමනක් නොව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමියැයි පවසන කතරගම හෝටලය, මාතර බවුන්සිල් හි ඉඩම, ඔරුතොට ඉඩම වැනි ප්‍රශ්නගත දේපල බොහොමයක් පවතින බවත් ඒ පිළිබඳව නීතියානුකූලව කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.