කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු වලට අනුව, රජය විසින් වී කිලෝ දෙකෝටි හය ලක්ෂ විසිඅට දහසක තොගයක් මිලදී ගැනීම සිදු කර ඇත.
ඒ සඳහා රුපියල් කෝටි 247ක මුදලක් වැය කර තිබේ.
අදාළ වී තොග වෙළඳපොළට නිකුත් කිරීම සඳහා පෞද්ගලික අංශය සහ රාජ්‍ය ආයතන වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මිලදී ගැනීම් රජය විසින් පනවනු ලැබ ඇති සහතික මිල මත පදනම්ව සිදු කර ඇති අතර, පෞද්ගලික අංශයට මෙම මිලට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.
