Spread the love

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත් කර තිබේ..

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත් වූ ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ හරන්කහව, මොලගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරණ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.