Spread the love


නිමල් රාජපක්ෂ
සුරියවැව පහළබැරගම ප්‍රදේශයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් ප්‍රවාහනය කරන පුද්ගලයකු වටලා රුපියල් ලක්ෂයක් වටිිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු හම්බන්තොට සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රිත්‍ර ලීටර් 40 මිලි ලීටර් 750 තිබු බව හම්බන්තොට සුරාබදු ස්ථානාධිපති කේ . ඩම්ලිව් ලයනල් පෙරේරා මහතා පවසයි.
අදාල සැකකරු මත්පැන ප්‍රවාහනයට සුදානම් කර තිබියදි කොටුකර ගත් අතර සැකකරුව් සුරියවැය ,අම්බලන්තොට ඇතුලු ප්‍රදේශවලට ඉතා රහසිගතව බෙදා හරින බවද සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදි අනාවරණය කර ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (10)ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් සැකකරුට රුපියල් 58000/ දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත් වරයා නියම කොට ඇත.

දකුණු පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍ර කුමාර මහතාගේ උපදෙස් මත, හම්බන්තොට සුරාබදු අධිකාරී කේ. වෙත්තසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ , හම්බන්තොට සුරාබදු ස්ථානාධිපති කේ. ඩබ්ලිව් ලයනල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂක අයි .ඩබ්ලිව් . රොහාන් නිරෝෂන, සැරයන් 974 සමත්ත , කෝප්‍රල් සුජිත් ජානක , නියාමක රියදුරු අජිත් ප්‍රසන්න යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.