වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.
මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180ක පමණ ප්‍රමාණයක හිඟයක් මේ වනවිට පවතියි.
එමෙන්ම පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් පසුගිය මාස ගණනාවක සිට විශාල හිඟයක් මතුවීම නිසා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාරවල යම් සීමා මතුවෙලා තියෙන බවත් හෙතෙම පැවසීය.
මේ වනවිට සෞඛ්‍ය පද්ධතිය තුළ මේ ඖෂධ මෙන්ම වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ගණනාවකත් හිඟයක් තිබෙනවා.
පසුගිය මැයි මාසය පමණ වනවිට තිබුණු නිල දත්ත වාර්තා අනුව මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවලින් 180ක ප්‍රමාණයක තොග හිඟතාවක් දක්නට ලැබුණා.
රෝහල් පද්ධතිය තුළත් මේ ඖෂධ 50කට අධික ප්‍රමාණයක හිඟතාවක් තිබෙනවා. අපට වාර්තාවන තොරතුරු අනුව මේ තත්ත්වය තවත් උග්‍ර වෙමින් තිබෙන්නේ.
ඒ වගේම මේ වනවිට අපට වාර්තා වෙනවා පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් පසුගිය මාස ගණනාවක සිට විශාල හිඟයක්. ඒ නිසා පිළිකා රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර යම් සීමාවන් මතුවෙලා තියෙනවා” යැයි පැවසීය.
