Spread the love

ලබන 22 වැනිදා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා.

ඒ අනුව, විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සහ පවතින ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමින්ලබන 22 වැනිදා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පවත්වන බව විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර සඳහන් කරයි

විදුලිබල මණ්ඩලයේ 22,000කට අධික සේවක මණ්ඩලයට ‘සීතල මරණයක්’ උරුම කර දීමට වත්මන් රජය සූදානම් වන බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන අතරම, සේවකයින් විසින් ලෙඩ නිවාඩු වාර්තා කර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වී, ලබන 22 වැනිදා මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.