පොතුවිල් සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්රදේශයේ ප්රධාන මාර්ගයක උඩුකය නිරුවත්ව, අඩ නිරුවතින් ගමන්ගත් බවට චෝදනා එල්ල වූ තායි ජාතික කාන්තාවකට වසර පහක අත්හිටවූ සිර දඬුවමක් නියම කිරීමට පොතුවිල් මහේස්ත්රාත්වරයා නියෝග කරයි.
ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිලිගත් බැවින්, ප්රධාන මාර්ගයේ අවිනීතව හැසිරීම සහ මහජනතාව පීඩාවන අයුරින් කටයුතු කිරීම යන චෝදනා දෙකට වෙන් වෙන්ව සති දෙකක සහ මාසයක සිර දඩුවම් නියම කර, එය වසර 05කට අත්හිටුවීමට මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
ආරුගම්බේ ප්රදේශයේ ප්රධාන මාර්ගයක උඩුකය නිරුවත්ව ගමන් කළ මෙම 26 හැවිරිදි තායි කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ..
