පළාත් පාලන ආයතන 178 කට අදාළව නගරාධිපති,නියෝජ්‍ය නගරාධිපති,සභාපති,උප සභාපති යන තනතුරු පත් කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරුන්ට නිශ්චිත තීරණයක් ගැනීමට නම් ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් අතිරේක ලැයිස්තු එවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.
මෙම පළාත් පාලන ආයතන 178 පවත්වාගෙන යාමට නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපති යන තනතුරු පත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත්, මෙම සභාවල ප්‍රධාන විධායකය වන්නේ නගරාධිපති හෝ සභාපති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
එම තනතුරු පත්කර ගැනීම සඳහා සභිකයන් අතුරින් අදාළ තනතුරු සඳහා නිශ්චිත වශයෙන් පත්කරන අය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරු තීරණයක් ගතයුතු බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.
ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් අතිරේක ලැයිස්තුව එවීමට අවසන් දිනයක් නැතත්, ජූනි මස 02 වැනිදා පළාත් පාලන ආයතනවල පළමු සභාවාරය පැවැත්විය යුතු බවද ඔහු පැවසීය.
පළාත් පාලන ආයතන 161 ක් සඳහා බහුතරය තිබෙන බැවින් එම ආයතනවල සභාපති, උප සභාපති, නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති තනතුරු පත් කිරීම ගැටලුවක් නොවන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය. මේ නිසා එම සභා පවත්වාගෙන යාමට ගැටලුවක් නොවන බවද ඔහු පැවසුවේය.
මෙම පළාත් පාලන ආයතනවලට අදාළව ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අතිරේක ලැයිස්තු එවීම ප්‍රමාද වූවත්, එය සභා පවත්වාගෙන යාමට ගැටලුවක් නොවන බවද ඔහු කියා සිටියේය.
