Spread the love

නිමල් රාජපක්ෂ

මහඉලුක්පල්ලම, කටියාව , කලන්කුට්ටිය, හුරීගස්වැව ,කලාඹය, සාලිය මාවත, කුරුන්දන් කුලම හා හබරන යන ප්‍රදේශවල සිදු කල විශේෂ ග්‍රහන සතියේදී නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාර 7 සමගින් සැකකරුවන් 17 දෙනෙකු වටලා ඉන් අට දෙනෙකු අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් එක්ලක්ෂ දහනම දහසක දඩ ආදායමක් රජයට ලබා දීමට අනුරාධපුර සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

මෙම ග්‍රහන සතිය සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්. ඒ. ප්‍රේමරත්න මහතා ප්‍රකාශයට පත්කලේ සිංහල අවුරුදු සමය වෙනුවෙනි. විශේෂ ග්‍රහන සතියක් අප්‍රියෙල් මස 2 සිට 12 දක්වා ප්‍රකාශයට පත් කර ප්‍රකාශයට පත් කිරිමත් සමගින් සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර හතක් , දගර හතක් , බැරල් තොගයක් , කසිප්පු ස්ප්‍රීතු , ගෝඩා , සමගින් උපකරණ කොටුකර ගැනීමට සමත්වු බව අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති අජිත් වර්ණකුල සුරිය මහතා පවසයි.

මහ ඉලුක්පල්ලම කටියාව , කලන්කුට්ටිය, හුරීගස්වැව ,කලාඹය, යන ප්‍රදේශ වලදි කසිප්පු ලග තබා ගත් සැකකරුවන් 5 දෙනෙකුද , සාලිය මාවත, කුරුන්දන් කුලම හා හබරන යන ප්‍රදේශවලදි බලපත්‍ර නොමැතිව බියර් අලෙවිකල 5 දෙදෙකුද කොටුකර ගැනීම සුරාබදු නිලධාරින් සමත්වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සුරාබදු ඇපමත මුදාහැර ඇති අතර ඉන් සැකකරුවන් 8 දෙනෙකුට අනුරාධපුර, කැකිරාව , නොච්චියාගම තබුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණ වෙත නඩු පවරා රුපියල් එක්ලක්ෂ දහනම දහසක දඩ මුදලක් අයකරගෙන තිබේ. ඉතිරි සැකකරුවන් 9 දෙනා ඉදිරියේදී මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපපත් කිරීමට නියමිතය.
උතුරුමැද පලාත් සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවිපතිරණ මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී අනුරාධපුර කලාරසික විජේසිංහ මහතාගේ අධික්ෂණය යටතේ , අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති අජිත් වර්ණකුලසුරිය මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරික්ෂක ධර්මසේන , සැරයන් මේජර් ජයසුන්දර , සුරාබදු කෝප්‍රල් වරුන්වන 818 ප්‍රියන්ත , 1182 දිනේෂ් , නියාමකවරුන්වන 1209 චරිත, 1112 පාලිත , රියදුරු ප්‍රභාත් ඇතුලු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.